ඉන්දියාවේ විශාලතම ගුවන් සේවය වන ඉන්ඩිගෝ හී ප්‍රධාන විධායක නිලධාරීවරයා හදිසියේම ධූරයෙන් ඉවත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය දෙසැම්බර් මාසයේදී එම ගුවන් සේවය මුහුණ දුන් දැවැන්ත අර්බුදය මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන බවයි.
නියමිත පරිදි ගුවන් නියමුවන් කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම නිසා පසුගිය දෙසැම්බර් මාසයේදී ගුවන් ගමන් 4,500ක් අවලංගු කිරීමට එම සමාගමට සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අත්වැරැද්ද සහ නිසි කළමනාකාරිත්වයක් නොමැති වීම හේතුවෙන් ඉන්දීය ගුවන් සේවා බලධාරීන් විසින් ඉන්ඩිගෝ සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 2.45ක දඩයක් පැන වූ බවයි.
මේ අතර ගුවන් ගමන් අවලංගු වීම සහ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන් කලාප වසා දැමීම නිසා ඉන්ඩිගෝ සමාගමේ කොටස් අගය මේ වසරේ 13.5%කින් පහත වැටී තිබෙනවා.
(colombotimes.lk)
