26 November 2024


2025 අයවැය විවාදය ජනවාරි 09 පැවැත්වීමට කැබිනට් අනුමැතිය



එළඹෙන 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (26) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.  

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එහි දෙවන වර කියවීම පෙබරවාරි 17 වනදා සිදු කිරීමට නියමිතව තිබෙන බවයි.

තෙවන වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
 
colombotimes.lk