15 May 2025


මහපොළ ශිෂ්‍යාධාරය ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය



2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ සහ  ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

2015 වසරේ සිට මේ දක්වා විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික වැඩි කර නොමැති බැවින්, එම වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය මත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමඟින් මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් වැඩි කිරීමට අමත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

(colombotimes.lk)