චීන ජනාධිපති Xi Jinping සහ බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva අතර සාකච්ඡාවක් චීනයේ බෙයිජිං අගනුවරදී පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී චීන - බ්‍රසීල උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කළ යුතු බවට චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.
තම රට චීනය සමඟ සහයෝගීතාව තහවුරු කිරීමට කැමැත්තෙන් සිටින බවට එම සාකච්ඡාවේදී බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)