colombotimes.lk
සිංහල | English

26 April 2024

කැනඩාවේ ලැව්ගිනි තවදුරටත් වැඩි වෙයි



කැනඩාවේ නැගෙනහිර ක්වෙබෙක් ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි තවමත් පවතින අතර එය මැඩපැවත්වීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා. 

මේ වනවිට කැනඩාව පුරා ලැව්ගිනි 2,392 ක් හට ගෙන ඇති අතර එය බටහිර බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට ද පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
එය පසුගිය වසරවලට සාපේක්ෂව 15 ගුණයකින් වැඩිවීමක් බව සඳහන් වනවා. 
 
දැනට ක්වෙබෙක් ප්‍රාන්තයේ ලැව්ගිනි 424 කින් 230 ක් පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර එය ස්වභාවික ව්‍යසනයක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
එමෙන්ම ටම්ලර් රිච් ප්‍රදේශයේද ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 2500 ක් ඉවත් කර ඇති අතර මෙම සති අන්තයේදී වැසි ඇද හැලෙනු ඇතැයි එරට කාලගුණ අංශය අනාවැකි පළ කර තිබෙනවා.
(colombotimes.lk)