හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පිළිතුරු දේශනය පිළිබඳ නියෝගය පෙබරවාරි මස 21 වනදා ප්රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස් සපුවිද ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
2012 වසරේ ග්රීක ආර්ථිකය බිඳ වැටෙන බව දකිමින් ශ්රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 05කට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
(colombotimes.lk)