ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක පුහුණු ගුවන්යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටී සිදුවූ අනතුරට හේතුව හෙළි වී තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ පුහුණු වීම් අතරතුර වූ අත්වැරදීමක් හේතුවෙන් එය සිදු වූ බව වාර්තාවේ සඳහන් වන බවයි.
ඊයේ (23) අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ 03වන අදියර වන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ කොටසේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා ඔහු ඊයේ දිනයේදී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)