27 December 2025

logo

තායි - කාම්බෝජ දේශසීමා යුද්ධයට සටන් විරාමයක්



තායිලන්තය සහ කාම්බෝජය අතර සති ගණනාවක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් නැවැත්වීම සඳහා සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශවය අද (27) අත්සන් තබා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තායිලන්තය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍ය නතාෆොන් නාර්ක්ෆනිට් සහ කාම්බෝජය වෙනුවෙන් ටී සෙයිහා විසින් මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන බවයි. 

ඒ අනුව අද (27) දහවල් සිට සටන් විරාමය ක්‍රියාත්මක වන බව දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු සටන්විරාමය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා. 

දෙරටේ දේශසීමා අතර පසුගය කාලසීමාවේ ඇති වූ දරුණු යුදමය තත්ත්වයනේ පුද්ගලයන් 101ක් පමණ මියගොස් දෙපාර්ශවයේම මිලියන භාගයකට වැඩි පිරිසක් අවතැන් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)