දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ මෙම නඩුව මෝසම් මාර්ගයෙන් අද (18) කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී විත්තිකරුට විදේශ සංචාරයක නිරත වීමට අවශ්‍ය වී තිබෙන බැවින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
