ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරන පාස්කු දිනය අදට (20) යෙදී තිබෙනවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත් පිළිවෙත් අතර ගතකළ දින 40ක චතාරික සමයද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වනවා.
බයිබලයේ සඳහන් වන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේදී කුරුසියේ ඇණ ගසා මරණයට පත් කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවයි.
(colombotimes.lk)