නීතිවිරෝධී ලෙස මෙරටට ආනායනය කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක තිබී සොයාගෙන තිබෙනවා.
ඒ රේගු ආදායම් කාර්ය සාධක බළකායේ නිලධාරීන් විසින්.
එහිදී දුම්වැටි 713,000ක පමණ තොගයක් සොයාගෙන තිබෙනවා.
රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්වැටි එක්සත් අරාබි එමීර් රාජයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය කරන ලද භාණ්ඩ ඇසුරුම් තුළ සඟවා තිබියදී සොයාගත් බවයි.
එම දුම්වැටිවල වටිනාකම රුපියල් 124,019,554ක් වන අතර එමඟින් රජයට රුපියල් 107,985,621ක් අහිමි කර ඇති බවද රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
(colombotimes.lk)