02 April 2025


කොළඹ චිකුන්ගුන්යා ව්‍යාප්තිය ඉහළට



කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ''චිකුන්ගුන්යා'' රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු සඳහන් කළේ 'චිකුන්ගුන්යා' වෛරසය ආසාදිත මදුරුවෙක් දෂ්ට කිරීමෙන් මෙම රෝගය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන බවයි.

එමෙන්ම ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවා මෙම රෝගයේද වාහකයා ලෙස කටයුතු කරන බවද වෛද්‍යවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මඟින් පමණක් 'චිකුන්ගුන්යා' රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි.

මේ දිනවල පාසල් නිවාඩු සමය බැවින් දරුවන් නිතර පරිසරයට නිරාවරණය වන බවත් ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය ද වර්ධනය වීමෙන් මදුරු ගහණය ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අධානයෙන් සිට මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමට මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)