කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පවත්වන ශ්රී සම්බුද්ධ ජයන්ති ආශිර්වාද වාර්ෂික මහා පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන්.
පොලීසිය නිවේදනය කළේ අද (04) සහ හෙට (05) එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කරන බවයි.
ඒ අනුව කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)