කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 108.13කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 16.517,86ක් ලෙසයි. එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 7.4ක් ලෙස සටහන් වී තිබෙනවා.(colombotimes.lk)