25 January 2025


අරුවක්කාලු වෙත අපද්‍රව්‍ය බැහැර කිරීමට පියවර



අරුවක්කාලු කසළ රඳවනයට ඉදිරි මාස 4 ඇතුළත අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පියවර ගන්නා බව නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ දැනට කසළ රඳවනය ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව කාර්මික දෝෂවලට ලක්වී ඇති කැලණිය ප්‍රදේශයේ ස්ථාපිත කසළ තෙරපුම් කරන යන්ත්‍ර තුන අලුත්වැඩියා කිරීමට චීන සමාගම්වලට දැනුම්දී ඇති බවද  ඔහු ප්‍රකාශ කළා.

අරුවක්කාලු ප්‍රදේශයට බැහැර කරන කසළවල අපජලය පිරිසුදු කිරීමේ පිරිපහදුවේ අඩුපාඩු මග හරවා ගැනීමටද නියමිතයි.

ඉන් අනතුරුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතනවල කැළි කසළ දුම්රියෙන් අරුවක්කාලු වෙත රැගෙනයාමට සැලසුම් කර ඇති බවද  අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළා.

මේහිදී දිනකට මෙට්‍රික් ටොන් 6200ක ධාරිතාවක් අරුවක්කාලු වෙත රැගෙන යාමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

2016 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය තාක්ෂණික හා ඉදිරිකීරිම් සැලසුම්වල ගැටලු කිහිපයක් හේතුවෙන් මේ දක්වා අවසන් කිරීමට නොහැකි වී තිබෙනවා.

(colombotimes.lk)