නැවත දැනුම්දෙනතුරු මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ තැන්නේකුඹුර - රිකිල්ලගස්කඩ - රාගල මාර්ගය සහ මහනුවර - මහියංගනය පදියතලාව අතර මාර්ග බවයි වාර්තා වන්නේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මාර්ගය මතට ගල් කඳු කඩාවැටීමත් සමඟ මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ කර ඇත්තේ එම ගල් කොටස් ඉවත්කරන තෙක් මාර්ගය මතුපිට ඇති ගල් ඉවත්කිරීම අවධානම් වන බවයි.
නැවත දැනුම්දෙනතුරු එම මාර්ගයේ රථවාහන ධාවනය අත්හිටුවීමට එම අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දී ඇත්තේ වසා දැමුණු එම මාර්ග භාවිත කරන රියදුරන්ට ඒ සඳහා පහත දක්වා ඇති විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
(colombotimes.lk)