15 January 2025


ගංවතුරෙන් හානි වූ වගාවලට මේ මස අවසානයේ වන්දි



පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරින් හානි වූ වගා සඳහා මේ මස අවසානයේ වන්දි ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ වගා හානි පිළිබඳ තක්සේරු කිරීම් 95%ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවයි.

ඒ අනුව ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානවලින් අවසන් නිර්දේශිත වන්දි ලේඛන වාර්තා ලැබීමෙන් අනතුරුව අදාළ මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)