13 January 2025


බේරූට්හි සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට එක්සත් අරාබි රාජ්‍යයේ අවධානය



වසර 3කට පසු ලෙබනනයේ බේරූට්හි පිහිටි සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට එක්සත් ආරාබි රාජ්‍යයේ අවධානය යොමු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එරට දූත කණ්ඩායමක්ද ලෙබනනයේ රැඳී සිටින බවයි.

2021 වසරේ ඔක්තෝබර් මාසයේදී බේරූට්හේ පිහිටි සිය තානාපති කාර්යාලය වසා දැමීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටයුතු කළා.

ඒ යේමනය සමඟ ලෙබනන් අමාත්‍යවරයෙක් සමීපව කටයුතු කිරීම සම්බන්ධයෙන් වූ මතභේදාත්මක තත්ත්වය හමුවේයි.

(colombotimes.lk)