ජපානයට රික්ටර් මාපක 6.9ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ඒ අනුව ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
භූමිකම්පාව සැතපුම් 23ක් ගැඹුරින් සිදුවී ඇති අතර එය ප්‍රධාන වශයෙන් නිරිතදිග කියුෂු කලාපයට බලපා තිබෙනවා.
එරට දේශීය වේලාවෙන් රාත්‍රී 9.19ට මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති අතර මියාසාකි සහ කොචි යන ප්‍රාන්ත සඳහා ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)