ලොව විශාලතම ආගමික උත්සවය ලෙස සැලකෙන කුම්භමේලා උත්සවය මෙවර ඉන්දියාවේ ප්‍රයග්‍රාජ් නගරයේදී පැවැත්වෙනවා.
මෙම කුම්භමේලා උත්සවයේදී පූජනීය ගඟේ ස්නානය කිරීමෙන් ගැලවීම ලැබෙන බව හින්දු භක්තිකයන්ගේ විශ්වාසයයි.
සෑම වසර 12කට වරක්ම මෙම උත්සවය පවත්වන අතර මෙවර සති හයක කාලයක් (දින 45) උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා මිලියන 400ක පමණ ජනතාවක් පැමිණෙන බවයි.
එමෙන්ම උත්සවය නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට නවාතැන් ගැනීමට ගං ඉවුරේ හෙක්ටයාර 4,000ක විශාල කුඩාරම් ප්‍රමාණයක් ඉදිකර තිබෙනවා.
උත්සව භුමියේ ඇති විය හැකි තදබදය පාලනය කිරීම සඳහා ඉන්දීය පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)