දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හානි වූ වගා බිම් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදය කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මේ වන විටත් වගා හානි සම්බන්ධව තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් ඒ අනුව ගොවීන්ට සිය වගා හානි සම්බන්ධව තොරතුරු අදාළ නිලධාරීන් වෙත ලබා දිය හැකි බවයි.
මෙම වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ කඩිනමින් එම වන්දි ලබාදීමට පියවර ගන්නා බවයි.
(colombotimes.lk)
