colombotimes.lk
සිංහල | English

04 May 2024

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තෙවන විනිසුරුට එරෙහිව පැමිණිල්ලක්



ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම ඊයේ (6) සමත් වුණා.

මෙම තරගයේ හතර වන පන්දු වාරයේ පළමු පන්දුවේදී ප්‍රධාන විනිසුරුවරයා ලබා දුන් දැවීයාමේ තීන්දුව තෙවන විනිසුරුවරයා නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙන බවත් තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් පවසා සිටියා.

(colombotimes.lk)