හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා ඔහුව හඳුන්වා දී තිබෙන්නේ නිහතමානී, බුද්ධිමත්, මහජන සේවය වෙනුවෙන් කැපවූ නායකයෙක් ලෙසයි.
ඉන්දීය සහ එක්සත් ජනපද න්‍යෂ්ටික ගිවිසුම් හරහා හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රිකභාවය විද්‍යාමාන වන බවද ජනාධිපතිවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ සදහන්.
(colombotimes.lk)