colombotimes.lk
සිංහල | English

05 May 2024

වාද්දූව මුහුදු වෙරළේ අඩි 12 ක දැවැන්තයෙක්



ඊයේ (07) පස්වරුවේ වාද්දුව මුහුදු වෙරළ ආසන්න මුහුදේ අඩි 12 ක් පමණ දිග කිඹුලෙක් ගැවසෙන අයුරු දැකගත හැකි වූ බව ප්‍රදේශවාසීන් පවසනවා. 

වාද්දුව, මොල්ලිගොඩ, තල්පිටිය සහ පින්වත්ත වෙරළ ආසන්නයේ කිඹුලා ගැවසෙන අයුරු වෙරළ ආසන්නයේ ජනතාව දැක තිබෙනවා. 
 
මේ හේතුවෙන් වෙරළ ආසන්නයේ ජනතාව මෙන්ම ධීවර ප්‍රජාවද තරමක බියකින් පසුවන බවත් ඔවුන් ධීවර කටයුතුවලින් ඈත්ව සිටින බවයි වාර්තා වන්නේ. 
 
මේ සම්බන්ධව වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති බවත්, වෙරළේ අනාරක්ෂිතව හැසිරීමෙන් වලකින ලෙසත් වාද්දුව පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
(colombotimes.lk)