colombotimes.lk
සිංහල | English

05 May 2024

පුත්තලමේ කපුටන් තැන තැන මිය යයි



පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයමින් ඇති බවට තොරතුරු වාර්තා වනවා. 

මෙලෙස කපුටන් මියයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. 
 
ඒ අනුව මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබාගැනීමට එම කාර්යාලය කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)