01 April 2025


නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි



පළාත් පාලන ආයත ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් 16ක් අප්‍රේල් පළමුවනදා සලකා බැලීමට දින නියම කර තිබෙනවා.

ඒ මෙම පෙත්සම් අද (28) එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම ප්‍රතික්ෂේප කර ඇති නාමයෝජනා පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

එහි තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසද නීතිපතිවරයා එහිදී ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම ලබන 01වනදා යළි කැඳවන ලෙසත් එදින මෙම ඉල්ලීම පිළිබඳ කරුණු සලකා බලන බවත් විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා.

(colombotimes.lk)