16 July 2025

logo

පුංචි ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලය පවසනවා.

රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව විසින් දිස්ත්‍රික් 03කට අදාල ලේඛන මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බවයි.
 
ඡන්ද පත්‍රිකා මිලියන 18ක් මුද්‍රණය කරන බවද ඔහු කියා සිටියා.

එමෙන්ම පළාත් පාලන ආයතන ජන්ද විමසීම අවසන් වන තෙක් රජයේ මුද්‍රණාලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවද තර කර ඇති බවයි.


(colombotimes.lk)