කෑගල්ල දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥවරයෙක්ට රෝගියෙක් විසින් සිදුකරන ලද පහරදීමට විරෝධය පළ කරමින්.
එම රෝහල තුළ සේවය කරන මුඛ, හනුක හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ට පුද්ගලයෙක් විසින් රෝහල් පරිශ්‍රය තුළදී අද (28) පස්වරුවේ පහරදීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව හෙට (29) දහවල් 12දක්වා ඔවුන් මෙම වර්ජනය සිදු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.