2024 ජනාධිපතිවරණය පැවැත්වූ දින සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නෝට්ටු සහ කාසි කිසිවක් මුද්‍රණය කර නොමැති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළා.
ඒ අද (21) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී දයාසිරි ජයසේකර යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
ඔහු කියා සිටියේ රජයේ අවශ්‍යතාවය මත මෙතෙක් ලබාගෙන තිබූ ණය පියවීම සඳහා වර්තමාන රජය කාර්යක්ෂමව සහ අරපිරිමැස්මෙන් රටේ ජනතාවගේ මුදල් පරිහරණය කරන බවයි.
අත්‍යාවශ්‍ය දේවල් සඳහා නිසි වෙලාවට මුදල් යොදවමින් කටයුතු කිරීම හේතුවෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය අඩුවී තිබෙන බවත් ඊට සාපෙක්ෂව මේ වන විට රටේ බැංකු පොළී අනුපාතයද පහළ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)