19 March 2025


දේශබන්දු රිමාන්ඩ්



හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඒ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.

2023 වසරේදී මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබාසිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (19) උදෑසන සිය නීතීඥවරුන් සමඟ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණා.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දින සුදුසු නියෝගයක් ලබාදෙන බවයි.

(colombotimes.lk)