29 April 2025


දේශබන්දුගේ චෝදනා විමර්ශන කමිටුව නැවතත් රැස්වෙයි



සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත් කළ කමිටුව ඊයේ (28) තෙවන වරටත් රැස්වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේදීයි.

එම විමර්ශන කමිටුව සඳහා සහය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කර එවන ලෙස කමිටුව විසින් වැඩබලන පොලිස්පතිවරයාට කළ දැනුම්දීම අනුව අදාළ විමර්ශන කණ්ඩායම නම් කර එවා තිබූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව එම පොලිස් විමර්ශන කණ්ඩායමේද සහය ඇතිව කමිටුවේ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

 
(colombotimes.lk)