19 April 2025


දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන් දුම්රියෙන් මහනුවරට



සිරි දළදා වන්දනාව අද (18) සිට ලබන 27වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් එක්වීමට නියමිතයි.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් මෙම කණ්ඩායම එක්වන බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම පිරිස අද පෙ.ව 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කළ බවයි

 
(colombotimes.lk)