23 January 2025


මෙරට බූරුවන් වඳවීමේ තර්ජනයකට ලක්වෙයි



මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පුත්තලමේ වඩාත් ප්‍රචලිත සත්ත්ව කොට්ඨාසයක් වන බූරුවන්ගේ පැවැත්මට තර්ජනයක් වී තිබෙනවා.

කල්පිටිය ප්‍රදේශයේද එම බූරුවන් සීඝ්‍රයෙන් වදවීයාමේ තර්ජනයට ලක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අහාර හිඟය හේතුවෙන් මෙලෙස  බූරුවන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

වසර ගණනාවකට පෙර 2500ක් 3000ක් පමණ සිටි බූරුවන් වර්තමානය වන විට 50-60 දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී කල්පිටිය ප්‍රදේශයේ බූරුවන් දැකගත නොහැකි වන බවයි.

(colombotimes.lk)