25 March 2025


රියදුරුට නින්ද යාමෙන් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පනියි



සත්ව ආහාර ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (23) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පැනන්වත්ත ප්‍රදේශයේදීයි.

කුලියාපිටිය සිට හැටන් දක්වා සත්ව ආහාර ප්‍රවාහනය කළ ලොරි රථයක් එලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

ලොරි රථය අනතුරට පත්වන අවස්තාවේ තිදෙනෙක් ගමන් කර අතර අනතුරින් ඔවුන් කිසිවෙක්ට අනතුරක් සිදු වී නොමැති බවයි වර්තා වන්නේ.

කෙසේ වෙතත් එම ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

(colombotimes.lk)