02 July 2025

logo

ඉන්දියාවේ ස්ථාන 26කට ඩ්‍රෝන ප්‍රහාර



පාකිස්ථානය මේ වන විට සිය ගුවන් අවකාශය තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා

ඒ ඉන්දියාව පාකිස්ථානයේ ගුවන් කඳවුරු 3ක් ඉලක්ක කර ගනිමින් අද (10) අලුයම එල්ල කළ ප්‍රහාර කිහිපයක් හේතුවෙන්.

මේ අතරේ පාකිස්ථානයෙන් යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනුමාන කරමින් ඉන්දියාව ලබන 15වනදා දක්වා එරට උතුර සහ බටහිර ප්‍රදේශවල ගුවන් තොටුපොළ 32ක් වසා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (09) රාත්‍රියේ ඉන්දියාවේ ස්ථාන 26ක් ඉලක්ක කර පාකිස්ථානය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පාකිස්ථානය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)