කේරළ ගංජා කිලෝ 218ක් සහ ග්‍රෑම් 800ක පමණ තොගයක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා දෙපාර්තමේන්තුව මඟින් පේසාලේ වෙරළ තීරයේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමේදි මෙම ගංජා තොගය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාව සඳහන් කළේ සිය භාරයට ගත් ගංජා තොගයේ වීථි වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 87කට අධික වන බවයි.