20 January 2026

logo

ඇෆ්ගනිස්ථානයට භූ කම්පනයක්



ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් පරිමාණයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූ කම්පනය හට ගෙන ඇති බවයි. 

භූ කම්පනය ඇෆ්ගනිස්ථානයේ උතුරු කුන්ඩුස් නගරයේ සිට කිලෝමීටර් 61ක් දුරින් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදු වී නොමැති බවයි. 

(colombotimes.lk)