13 June 2026

logo

ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්



අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයක හදිසි බිඳ වැටීමක් සිදු වී තිබෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. 

එම මණ්ඩලය සඳහන් කළේ එමනිසා අද (05) රාත්‍රී 8.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බවයි. 

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය මණ්ඩලය ප්‍රකාශ කළා. 

(colobotimes.lk)