01 May 2026

logo

එමීර් රාජ්‍යයෙන් රටවල් 03ක් සඳහා සිය වැසියන්ට සංචාර තහනමක් පනවයි



ඉරානය, ලෙබනනය, සහ ඉරාකය වෙත යන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් සඳහා සංචාරක තහනමක් පැනවීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ කලාපය තුළ පවතින වත්මන් යුධ වාතාවරණය සැලකිල්ලට ගනිමින්.

එම අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ දැනට මෙම රටවල රැඳී සිටින සියලුම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ගෙන් හැකි ඉක්මනින් නැවත සිය රට බලා පැමිණිය යුතු බවයි.

එමෙන්ම නිකුත් කරනු ලබන සියලුම උපදෙස් සහ උපදේශන පිළිබඳ අවධානය යොමු කරන ලෙසද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)