26 July 2025

logo

ඉදිරි පැය 36දී ප්‍රදේශ රැසකට වැසි



ඉදිරි පැය 36දී සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එහි සඳහන් වන්නේ දකුණු පළාතට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)