නෝර්වේ ඔස්ලෝ අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔස්ලෝ අගනුවර පොලීසිය සඳහන් කළේ අලුයම පිපිරිම සිදුවී ඇති අතර පිපිරීමට හේතුව හෝ එය පිටුපස සිටින්නේ කුමන පාර්ශ්වයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
එම පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධව එරට ආරක්ෂක අංශ මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)
