24 March 2025


ෆේස්බුක් සාදයක් වටලයි - තරුණියන් 15ක් ඇතුළු 76ක් අත්අඩංගුවට



සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලකදී ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙක් ඇතුළු 76දෙනෙක් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සීදූව පොලීසිය විසින්.

මෙම සාදයට සහභාගීවූ තරුණයන් හා තරුණයන් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා පානය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අවරුදු 18ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. 

(colombotimes.lk)