22 January 2025


අර්චුනාගේ නඩුවට ලැබුණු නියෝගය මෙන්න



පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සම්බන්ධ නඩුව කල්දැමීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළා.

ඒ අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන්

ඒ අනුව අදාළ නඩුව එළැඹෙන 03වනදා දක්වා කල් තබා තිබෙනවා.

මෝසමක් යොමු කරමින් එම මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් වූ අතර අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී අනුරාධපුර පොලීසිය විසින් සැකකරුගේ නම යොදා තිබෙන්නේ 'අර්ජුනා ලෝචන්' ලෙසයි.

කෙසේ වෙතත් ඔහුගේ නම රියදුරු බලපත්‍රයේ රාමනාදන් අර්චුනා ලෙස සඳහන් වී තිබෙනවා.

(colombotimes.lk)