නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කළා.
ඒ මහා විහාරවංශික ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74වන උපසම්පදා රාජ්ය උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ බෞද්ධ සම්ප්රදාය අනාගත පරම්පරාවට සුරක්ෂිතව ලබාදීම සියලුදෙනාගේම වගකීමක් බවයි.
(colombotimes.lk)