22 January 2025


2025 වසරේදී වතු ජනතාවට නව නිවාස 4,350ක්



2025 වසර තුළ නිවාස 4,350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කළා.

ඒ රජය මඟින් බදුදී ඇති ප්‍රාදේශිය වැවිලි සමාගම්වල ඉහළ නිලධාරීන් සමාඟ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදීයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවාගැනීම රජයේ අරමුණ වී ඇති බවයි.

මීට පෙර වතු ජනතාවට බව පවසමින් නිවාස ඉදිකර ඒවා ලබාදී තිබුණේ දේශපාලන හිතවත්කම් මත බවත් නව රජය යටතේ මෙම නව නිවාස ලැබිය යුතුම වතු ජනතාවට පමණක් ලබාදෙන බවත් අමත්‍යවරයා එහිදී සඳහන් කළා.

(colombotimes.lk)