රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සමක් විභාගය සඳහා ලබන 24වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා
ඒ අදාළ පෙත්සම අද (22) යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාර්යප්පර් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු විභාගය සඳහා ලබන 24වනදා කැඳවන ලෙසයි.
පෙත්සම්කරු කියා සිටියේ ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා අවලංගු කිරීමේ අරමුණින් රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි.
(colombotimes.lk)