දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.
ඒ එම ඇප පෙත්සම අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී මනූෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය 05කට අධික කාලයක් ප්‍රකාශ ලබා දී ඇති බවයි.
එම ප්‍රකාශවලින් අනාවරණය වූ කරුණු මත ඔහුව අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් මත නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර තිබෙන බව නීතිඥවරයා කියා සිටියා.
ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දී තිබෙනවා.
(colombotimes.lk)