ත්‍රීරෝද රථයක කුඩා දැරියක් ගැටීමෙන් ඊයේ (18) මාරක අනතුය්රක් සිදුවී තිබෙනවා.
ඒ මන්නාරම පොලිස් වසමට අයත් තාල්වුපාඩු - තාරාපුරම් මාර්ගයේ, තුර්කිසිටි ගම්මානයේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය මන්නාරම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කුඩා දැරිය වයස අවුරුදු 01 මාස 06ක් වන මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ පදිංචි දැරියක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)
