ටිපර් රථයක් ඉන්ධන හලකින් ඉන්ධන ලබාගෙන නැවත මාර්ගයට ධාවනය කිරීමේදී යතුරුපැදියක ගැටීමෙන් අද (16) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක ප්‍රදේශයේදීයි.
එම අනතුරෙන් එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
අනතුරින් බලපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එලෙස මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
31 හැවිරිදි වියේ පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
එම අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
