02 April 2025


පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට



පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබාදීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර 05ට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)